පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, බැල්ලපිටිය ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ සේවය පසුගිය 26 වැනිදා සිට අත්හිටුවීමට ද පියවර ගෙන තිබිණි.
එමෙන්ම එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ ද සේවය අත්හිටුවා ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහුගේ තත්ත්වය පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු නොකිරීම, විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්ය උපදෙස් ලබා නොදීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එල්ල වී ඇති ප්රධාන චෝදනා අතර වේ.

කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කෙරේ
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්රියාත්මක වෙයි! හිටපු ජනපති මහින්ද නිසා SSP ලා තිදෙනෙකුගේ පොලිස් නිල ඇදුම් ගැලවෙයි!
ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළට
වෑන් රථයක් සහ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක්
නාමල්ගේ මුදල් විශුද්ධීකරණ නඩුව කල්යයි
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට
විදෙස්ගත ශ්රමිකයන් ගැන ජනපති ගත් තීරණය
‘අස්වැසුම’ ප්රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි
රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය
අද කාලගුණ නිවේදනය
හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද! බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක්!