Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කෙරේ

11 hours ago

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (29) පස්වරුවේ මහාචාර්ය පිටවල මහතා වෙත ප්‍රදානය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම පත්වීම ලබන නොවැම්බර් 2 වැනිදා සිට බලපැවැත්වෙන බවයි.

මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මෙම පත් කිරීම සිදු කිරීමට පෙර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *