පයාගල මුහුදු තීරයේ දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
උපකාරක පන්ති යන බවට දෙමව්පියන්ට පවසා මුහුදේ දිය නෑමට මෙම සිසුන් ගොස් ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.
පයාගල වෙරළ තීරයට පැමිණි සිසුන් දෙදෙනා ඔවුන්ගේ යහලුවෙකු ද එම ස්ථානයට කැඳවාගෙන තිබෙනවා.
එහෙත් එම යහලුවා දිය නෑමට ගොස් නැති අතර අනෙක් දෙදෙනා දිය නාමින් සිටි අවස්ථාවේ එක්වරම ඔවුන් ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන් ඔවුන් බේරා ගැනීමට උත්සාහ දැරුව ද එම උත්සාහය ව්‍යර්ථ වුණා.
අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු කළුතර කටුකුරුන්ද ප්‍රදේශයට අද (25) උදෑසන ගොඩගසා තිබූ අතර කළුතර අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීම් සිදු කළා.
උපකාරක පන්ති යන පවසා එම සිසුන් දෙදෙනා නිවසෙන් ගොස් ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.
15 හැවිරිදි වියේ පසුවූ ඔවුන් ගල්පාත සහ පානදුර ප්‍ර දේශවල පදිංචිකරුවන් බවටයි වාර්තා වුණේ.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!