අස්වැසුම වැනි සහන ලැබීම පිළිබඳව සමාජයක් වශයෙන් ලැජ්ජාවට පත් විය යුතු බවත් මෙම සහනාධාරය ලබා ගැනීම “නීත්‍යානුකූලව හිඟා කනවා වැනි ක්‍රියාවක්” බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වැඩසටහන හරහා සිදුවන්නේ රජයේ මුදල් එනම් පොදු මුදල් ලබා ගැනීමක් වන බැවින්, අත්‍යවශ්‍යම නොවන අය මෙයට ඇබ්බැහි වීම රටකට අහිතකර බවයි.
තම ආණ්ඩුව සෑම දිනකම අස්වැසුම බෙදීමට පැමිණ නැති බවට පැවසූ අමාත්‍යවරයා, අස්වැසුම ලබා ගැනීම පුරුද්දක් බවට පත් වූ විට, එය ජනතාව තුළ යැපෙන මානසිකත්වයක් ඇති කරන බව එහිදී අවධාරණය කළා.
මෙරට අස්වැසුම සහනාධාර ලබාදීම අවසන් වූ දිනට තමන්ට සතුටු විය හැකි බවට පෙන්වාදුන් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ, එලෙස සිදු වුවත් එය බලෙන් නැති කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.
රටක් හෝ පුද්ගලයෙක් ලෙස සාර්ථක වීමට නම්, ප්‍රථමයෙන් මෙම සහනාධාර මත යැපෙන මානසිකත්වයෙන් මිදිය යුතු බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

බිමල් රත්නායකව ගෙන්වා ගැනීමට රෝමයට විශේෂ ගුවන් යානයක් යැව්වාද? සත්‍ය කතාව මෙන්න
ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
මැද පෙරදිග ගැටුම් මැද බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න තායිලන්තය තීරණ රැසක් ගනී
ඉන්ධන මිල වැඩි කළ හේතුව ඇමති නලින්ද හෙළි කරයි
CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට
ජින්තුපිටියේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්
තෙල් ලීටරයක්වත් නැව්ගත කිරීමට ඉඩ දෙන් නෑ! ඉරානයෙන් අනතුරු ඇඟවීමක්!
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම භාරගැනීමට ඇමෙරිකාව සැරසෙයි! ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්!
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි
බස් ගාස්තු ගැන ගත් තීරණය