2025 විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ ෆැටීමා බොෂ් සමත් විය.
74 වන වරට සංවිධානය කර තිබුණු මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය තායිලන්තයේදී අද (නොවැ. 21) පැවැත්විණි.
තරගයේ දෙවන ස්ථානය තායිලන්තයේ ප්‍රවීනාර් සිං දිනා ගත්තා ය.
මෙවර විශ්ව රූ රැජිණ තරගයේදී ආන්දෝලනයට තුඩුදුන් සිද්ධි කිහිපයක් වාර්තා විය.
ඒ, තායිලන්ත රූ රැජිණ අධ්‍යක්ෂ නවාත් ඉට්සරග්‍රීසිල්, තරගාවලියට පෙර පැවති උත්සවයකදී විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගත් ෆැටීමා බොෂ්ගේ සමාජ මාධ්‍ය වේදිකාවල වැඩසටහනේ ප්‍රවර්ධන අන්තර්ගතයන් පළ නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදිණි.
එමෙන් ම, තරඟයට දින කිහිපයක් තිබියදී එහි විනිසුරුවන් දෙදෙනෙකු ඉල්ලා අස්විය.
එහිදී ලෙබනන්-ප්‍රංශ සංගීතඥයෙකු වන ඕමාර් හර්ෆූෂ් තමා ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබුණේ, රූ රැජිණියන් තෝරාගැනීමේ ක්‍රියාවලිය වංචනික බව ත් ‘නිල නොවන ජූරි සභාවක්’ අවසන් තරගකාරියන් තෝරාගෙන තිබූ බව ත් ය.
මෙම සිදුවීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව, ප්‍රංශයේ පාපන්දු කළමනාකරු ක්ලෝජා මැකිලිලී ද ‘අනපේක්ෂිත පෞද්ගලික හේතු’ මත බව පවසමින් ජූරි සභාවෙන් ඉවත් වන බව නිවේදනය කර තිබිණි.

බිමල් රත්නායකව ගෙන්වා ගැනීමට රෝමයට විශේෂ ගුවන් යානයක් යැව්වාද? සත්‍ය කතාව මෙන්න
ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
මැද පෙරදිග ගැටුම් මැද බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න තායිලන්තය තීරණ රැසක් ගනී
ඉන්ධන මිල වැඩි කළ හේතුව ඇමති නලින්ද හෙළි කරයි
CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට
ජින්තුපිටියේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්
තෙල් ලීටරයක්වත් නැව්ගත කිරීමට ඉඩ දෙන් නෑ! ඉරානයෙන් අනතුරු ඇඟවීමක්!
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම භාරගැනීමට ඇමෙරිකාව සැරසෙයි! ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්!
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි
බස් ගාස්තු ගැන ගත් තීරණය