ඉකුත් අගෝස්තු මාසයේ විදුලි බිල සියයට 75කින් ඉහළ දැමුවද විදුලි බල මණ්ඩලයට තවත් බිලියන 12කට වැඩි පාඩුවක් විඳීමට සිදුව ඇති බැවින් විදුලි බිල යළිත් වරක් ඉහළ දැමීමට අවශ්‍ය බව විදුලිබල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර ඉකුත් දා (ඔක්. 20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ජාතික සභාවේදී අනාවරණය කර ඇත.
ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවී ඇති බිලියන ගණනක පාඩුව අඛණ්ඩව දිගින් දිගට ම පැවැතුණු අතර එම පාඩුව මගහරවා ගැනීම සඳහා ඉකුත් අගෝස්තු මාසයේදී විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන්නේ ය.
ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජාතික සභාව වෙත කැඳවා විදුලිබල අර්බුදය ගැන සාකච්ඡා කළ අවස්ථාවේ නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ බැව් දැන ගන්නට ඇත.
විදුලි බල උත්පාදනය ඉහළ නැංවීම සඳහා සූර්ය බලයෙන් සහ සුළං මගින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ජාතික සභාවේදී සාකච්ඡා වී තිබේ.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව නිලධාරීන් එහිදී කරුණු දැක්වූ බව ද වාර්තා වේ.
විදුලි බිල ඉහළ නොදැමීමට නම් සහනාධාරයක් ලබා දීමට සිදුවන බව ද සඳහන්වී තිබේ.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික සභාව රැස්වූ අතර ඒ සම්බන්ධ වාර්තාව අධ්‍යයනය කිරීමට තරම් කාලවේලාවක් නොලැබුණු බැවින් වෙනත් දිනයක් ලබා දීමට තීරණය වූ බවද දැනගන්නට ඇත.

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්