රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් සිදු කිරීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනා එළැඹෙන 20 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අත්අඩංගුවට ගත් අදාළ පිරිස අද (18) වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ ප්‍රධාන සැකකාරිය වූ අවුරුදු 27ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ අවුරුදු 20,21,22 සහ 23 වන වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලීසිය වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුමන්තිරන්ගෙන් දැඩි විවේචනයක්
හෙට හා අනිද්දා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්