බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම නිල වශයෙන් දැනුම් දුන් වහා අදාල අසුන් පැනවීම කරන බව ද පැවසේ.
කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙන් පසුගිය 17 සිකුරාදා ඉල්ලා අස්විය.
ඒ ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු ස්වාධීන ලෙස පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම සඳහා බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් කියා තිබිණි.
කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙනි බලශක්ති අමාත්‍යවරයා සමග එම අමාත්‍යාංශයේ ලේකම්වරයාද පසුගිය සිකුරාදා ඉල්ලා අස්විය.

හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
RMV ලොක්කාට ඇප
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර ළඟා වෙයි
අදින් ඇරඹුණු නව පාසල් වාරය අවසන් වන දිනය
කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
පළාත් පහකට මි.මී 75 ඉක්ම වූ තද වැස්සක්
74 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුව තල්ලු කර මහමගදී මුදල් කොල්ලකෑ මත්ලෝලියා කොටුවෙයි
පොලිස් සේවයට එක්වීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබීමක්! ඇමෙරිකානු මැරීන් භටයින් ඇතුළු වෙයි!
අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි