2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (24) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු 24 සිට 2026 අප්‍රේල් 24 දක්වා මාර්ගගත ක්‍රමය මඟින් පමණක් සිදු කළ බවයි.
අයදුම් කිරීම 2026 අප්‍රේල් 24 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පසු සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, කිසිදු හේතුවක් මත දිගු කිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
අයදුම්කරුවන්ට අවශ්‍ය විමසීම් සඳහා පහත සඳමන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල මඟින් විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙසද දැනුම් දී තිබෙනවා.
දුරකථන අංක :- 0112785922/0112784208/0112784537
ෆැක්ස් අංක :- 0112784422
විද්‍යුත් තැපෑල :- gcealexamsl@gmail.com

සරම්ප රෝගය හිස එසවීමේ අවදානමක්? සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්
ඩොලර් මිලියන 2.5ක ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
විගමනික ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට
ඇමති ලාල් කාන්තගෙන් තවත් මාධ්‍ය ආයතනයකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි
රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කිරීමට යෝජනාවක්
නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිගේ කැබ් රථය අනතුරට ලක් වෙයි
නුවන් තුෂාර සිය පැමිණිල්ල ඉවත් කර ගනී
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්