Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමති ලාල් කාන්තගෙන් තවත් මාධ්‍ය ආයතනයකට එරෙහිව CIDයට පැමිණිල්ලක්

1 hour ago

තමන් සම්බන්ධයෙන් ‘Top News Lk’ මාධ්‍ය ආයතනය වාර්තා කළ පුවතක් සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා CID පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

මෙම සිදුවීමට පාදක වී ඇත්තේ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයකි.

අමාත්‍යවරයා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ Top News Lk මාධ්‍ය ආයතනය හරහා ප්‍රචාරය වූ එම වීඩියෝව මඟින් තම කීර්ති නාමයට මෙන්ම අමාත්‍යාංශයේ ක්‍රියාවලියට දෝෂාරෝපණය කරමින් එහි අක්‍රමවත් භාවයක් පවතින බව පෙන්වීමට උත්සාහ කර ඇති බවයි.

මෙය සිතාමතා තම ප්‍රතිරූපය පලුදු කිරීමේ චේතනාවෙන් දියත් කරන ලද අසත්‍ය සහ ද්වේෂ සහගත මඩ ප්‍රචාරයක් මෙන්ම සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ‘Top News Lk’ මාධ්‍ය ආයතනය සඳහන් කළේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සංවිධානයක සභාපතිවරයෙකු සිදු කළ ප්‍රකාශය ජනතාව වෙත වාර්තා කිරීම පමණක් තමන් සිදු කළ බවයි.

එමෙන්ම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පවත්වනු ලබන ඕනෑම විවෘත පරීක්ෂණයකට සහයෝගය ලබාදීමට ‘Top News Lk’ ආයතනය සූදානම්ව සිටින බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *