එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රකාශක අනුර තිලකසිරි අද මහතා පැවසුවේ දන්සල් ලියාපදිංචි කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී ලියාපදිංචි කිරීම් සිදුකර ගත හැකි බවය.
එහිදී දන්සල පැවැත්වෙන ස්ථානය, සංවිධානය කරන පාර්ශ්වයන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය වැනි මූලික තොරතුරු ලබා ගනිමින් මෙම ලියාපදිංචිය සිදුවන බවය.
එම ලියාපදිංචියෙන් පසුව දන්සලේ ආහාර පිළියෙල කරන අයුරු, කසළ කළමනාකරණය කිරීම් සිදුකිරීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සනීපාරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බැලීමක් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.
දන්සල් සඳහා ආහාර නිකුත් කිරීමේදී අතින් ආහාර ඇල්ලීම සිදු නොකළ යුතු බවත් ඒ සඳහා ආහාර ලබා දීම සඳහා සකසා ඇති උපකරණ, අත්වැසුම් භාවිතයට ගත යුතු බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ආහාර සඳහා මුද්‍රිත පත්තර භාවිතයට නොගන්නා ලෙසද පැවසූ ඒ මහතා පැවසුවේ පුවත්පත්වල ඇති කාබන් ආහාර සමග මුසුව භාවිතයට ගැනිම තුළින් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවය.
එමෙන්ම දන්සල් පැවැත්වෙන ස්ථානයේ පානීය ජල මූලාශය පරිභෝජනය සඳහා සුදුසු ජල මූලාශ්‍රයක් විය යුතු බවත් ආහාර පිළියෙළ කිරීමේදී එම ආහාර සහ අමුද්‍රව්‍යවල කල්ඉකුත් වීමේ දිනය සම්බන්ධව දැනුවත් වන ලෙසත් ඒ මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.
දන්සල් ලබා දීමේදී යම් හෙයකින් අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කළ හොත් 1980 ආහාර පනත යටතේ සහ 2011 ආහාර සුරක්ෂිතතා රෙගුලාසි යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය.
කරුණු 9කින් යුත් එම මාර්ගෝපදේශ මාලාව යටතේ සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොටඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවද දක්වා තිබේ.
එමෙන්ම දන්සලේ ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය කරන අතර කාලය පැය 04කට නොවැඩි විය යුතු බවද අදාළ මාර්ගෝපදේශයේ සඳහන්ව ඇත.

තැබූ පියවර ආපසු හරවන්නේ නෑ! ජනපති දැඩිව අවධාරණය කරයි!
දුරගමන් සේවා බස් රථවල ආසන වෙන් කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි
වැට් බදු සංශෝධනය ගැන විපක්ෂනායකගෙන් x සටහනක්
ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවයි
ඇමති ලාල් කාන්තගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් CIDයට
ඉන්දීය සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් පෙරමුණ ගනී
රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්
අද පස්වරුවේ තද වැසි
“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා මාලදිවයින්-ජනපතිවරුන් අද හමුවෙති
පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය