Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි

26 minutes ago

මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වුණා.

ශ්‍රී ලංකාව තුළ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට ද අත්සන් තැබුණා.

ඒ අනුව සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය , ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශවල කේෂ්ත්‍රවල සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වල මෙලෙස අත්සන් තබා ඇති බවද සඳහන්.

දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී උත්කර්ෂවත්ව පැවැත්වුණා. විශේෂ රථ පෙරහැරකින් හා අශ්වාරෝහකයන් පිරිවරා ගනිමින් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන එනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *