Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

4 minutes ago

පසුගියදා පැවැති මැයි දින රැලියකදී ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2026 මැයි 25 වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් පිළිබඳව සඳහන් කරමින්, එම තීන්දුව දුන් පසු ජනතාවට එයට “අත්පොළසන් දිය හැකි වනු ඇතැයි” ජනාධිපතිවරයා මැයි දින රැලියේදී ප්‍රකාශ කර තිබුණා.  

කෙසේවෙතත්  අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ,ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ අඩංගු ස්වරය අනුව, එය අධිකරණ ක්‍රියාවලියට සිදුකරන මැදිහත්වීමක් ලෙස පෙනී යන බවයි.  

මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු විය හැකි බවට නීතිඥ සංගමය පෙන්වාදෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 C (1) වගන්තියට අනුව, ඕනෑම විනිසුරුවරයෙකුට හෝ අධිකරණ බලය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට බලපෑම් කිරීම හෝ උපදෙස් ලබා දීම වරදක් බව නීතිඥ සංගමය එම නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා.

ස්වාධීන අධිකරණ පද්ධතියක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ පදනම බවත්, එය කිසිදු බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව යුක්තිය ඉටුකිරීම සහතික කළ යුතු බවත් එම සංගමය අවධාරණය කළා.   

අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් බලපෑම් එල්ල වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව දැඩිව පෙනී සිටින බවත්, ඉදිරියටත් අධිකරණයේ අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.  

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *