Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

5 hours ago

ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මෙහිදී වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 103කට මුහුණදෙමින් ලකුණු 79ක් රැස්කළ අතර, ඒ සමග ඔහුට සිය 19 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට හැකිවිය.

පැතුම්ගේ ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

එමෙන්ම නායකත්වයේ වගකීම කරට ගත් නව නායක කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් දියත් කරමින්, පන්දු 62කදී සිය 35 වැනි එක්දින අර්ධ ශතකය වාර්තාකර ලකුණු 72ක් රැස්කළේය.

ප්‍රහාරාත්මක ඉනිමකට මුල පිරූ ඔහුගේ පිත්තෙන් හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් වාර්තා විය.

මීට අමතරව මැදපෙළ ශක්තිමත් කළ චරිත් අසලංක (45) සහ ජනිත් ලියනගේ (නොදැවී 44) දක්ෂ පන්දුවට පහරදීමක නිරත වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 300 සීමාවෙන් එපිටට රැගෙන යාමට අනගි දායකත්වයක් සැපයූහ.

බ.ඉ කොදෙව්වන් වෙනුවෙන් මැතිව් ෆෝඩ් පන්දුවාර 9කදී ලකුණු 44කට කඩුලු 2ක් දවාගත්තේය. ඊට අමතරව රොස්ටන් චේස් පන්දුවාර 10ක් යොමුකර ලකුණු 47කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

වසර 13කට පසුව සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී එක්දින ජයග්‍රහණයක් වාර්තා කිරීම මෙම තරගයේ විශේෂත්වයකි. අවසන් වරට 2013දී මෙම පිටියේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වී තිබුණි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *