මිටියාගොඩ පොලිස් වසමේ අලුත්වල හාර ප්‍රදේශයේදී ආපනශාලාවක මුදල් අයකැමි ලෙස සේවය කළ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමෙ සිද්ධියකට අදාලව ‘ජම්බු’ නමැත්තා අල්ලා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
ඉකුත් 2025 නොවැම්බර් 17 වැනි දින සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් මිටියාගොඩ පොලිස් ස්ථානය මගින් පුළුල් විමර්ශන සිදු කරනු ලබන අතර, වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට සොයනුයේ උඩුමුල්ල, කලුපේ, හික්කඩුව පදිංචි ගල්කේන කංකානම්ගේ උපුල් කුමාර නොහොත් ‘ජම්බු’ නමැති 39 හැවිරිදි පුද්ගලයා ය.
මෙම සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය 871254385V වන බව පොලිසිය සඳහන් කළේය.
මෙම සැකකරු මේ වන විට පදිංචි ප්‍රදේශය මගහැර සැඟව සිටින බැවින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස පොලීසිය මහජන සහාය පතයි.
මෙම සැකකරු ගන්දර හා අම්බලන්තොට පොලිස් වසම්වල සිදුවූ වෙඩි තැබීම්වලටද අවශ්‍ය කරන සැකකරුවෙකු වන අතර, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකටද අවශ්‍යව සිටින අයෙක් බව පොලිසිය පවසයි.
එබැවින් තොරතුරු ඇති ඕනෑම අයෙකුට 071-8591481 (OIC/මීටියාගොඩ) හෝ 091-2260423 (මීටියාගොඩ පොලිස් ස්ථානය) හරහා පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය දන්වයි.

රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්! රැඳවියන්ගෙන් ගල් මුල් ප්‍රහාර!
රුපියල යළි සෙලවෙයි
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියෙකු මරුට
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර දෙදෙනෙකු මරුට
අද අව් – වැසි තත්ත්වය
ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්