Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ සේවකයින්ට දීමනා ගෙවීම සම්බන්ධයෙන් තවත් විශේෂ චක්‍රලේඛයක්

3 years ago

සියලුම රාජ්‍ය ව්‍යාපාර විසින් සිය සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු මත දීමනා ගෙවීම කොන්දේසි කිහිපයකට යටත්ව සිදු කළ හැකි බව භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන පවසනවා.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, එකී රාජ්‍ය ව්‍යාපාරයේ සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනතේ විධිවිධානයන්ට අනුකූල විය යුතුයි.

එකී රාජ්‍ය ව්‍යාපාරය ප්‍රාග්ධන හා/හෝ පුනරාවර්තන වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගත යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන් වනවා.

මීට අමතර ගෙවීම් සඳහා සලකා බලන වර්ෂයට පෙර වසරට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ / අයබදු ගෙවා තිබිය යුතු බවට ද භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කර සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *