Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අරගලය හේතුවෙන් ගාලුමුවදොරට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු වාර්තාවක් නිකුත් වෙයි! අරගලකරුවන්ගෙන් හානිය අයකර ගන්නා ලෙසට ඇමතිගෙන් උපදෙස්!

2 years ago 1.6 K

ගාලු මුවදොර ආශ්‍රිතව ගෝඨාගෝගම නමින් ස්ථාපිත කර තිබු අරගල භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් පමණ වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ගෝල්ෆේස් අරගල භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබදව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවද එම අධිකාරිය සඳහන් කර සිටින්නේ.

එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක් වැය වන බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද එම තක්සේරු වාර්තාවෙහි සදහන් වේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිට්ටනිය ආශ්‍රිත ප්‍රදේශයට සිදුකළ හානියට වන්දි අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂය භාර ඇමති අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට පසුගියදා උපදෙස් ලබා දී තිබුණා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසමින් මාස 3ක පමණ කාලයක් අරගලකරුවන් පිරිස ගෝල්ෆේස් පිටිය ආශ්‍රිත භූමිය තුළ අනවසරයෙන් රැදී සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසුව අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය විසින් දැනුම් දුන් අතර ඒ අනුව ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු විය.

අරගලකරුවන් රැඳි සිටි ගෝල්ෆේස් පිටිය පොදු දේපළකි. මෙය 1971 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පණත යටතේ 3(1) වගන්තිය ප්‍රකාරව අරගලකරුවන් විසින් අනවසර ඉදිකිරීම් කර ඇති ස්ථානය අයත් ගාලු මුවදොර පිටිය කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ප්‍රදේශයට අයත් වේ.

1978/09/30 දිනැති අංක 4/1 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් එම ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් හෝ තාවකාලික ඉදි කිරීමක් සිදු කරන්නේ නම් 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පණතේ 8(ඒ)1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුය. නමුත් ‍අරගලකරුවන් එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අයුතු ජන රාශියක් සිදු කර ඇත.

එම භූමිය තුළ අනවසර ඉදිකිරීම් රැසක් ඉදිකර තිබීම හේතුවෙන් පොදු මහජනතාවට නිදහසේ එම ප්‍රදේශය භාවිතා කිරීමට තිබූ අයිතියටද බාධාවක් සිදුව තිබේ.

මෙම සියලුම ක්‍රියාවන් නාගරික සංවර්ධන පනත උල්ලංඝනය කිරීමකි. ඒ අනුව ඊට එරෙහිව පියවර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට බලය පැවරී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *