2021 කාල සීමාවේදී විජේරාම නිල නිවසට එක් කෝටි හතලිස් තුන් ලක්ෂයක් වියදම් කර විදුලි පඩිපෙළක් සවි කිරීමට කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පඩි නැගීමේ අපහසුතාවක් තිබුණු නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඊයේ (29) පැවති රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
2021 සිට 2023 දක්වා වසර තුනක් ඇතුළත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා රජයේ බදු මුදල්වලින් කෝටි 51ක පමණ මුදලක් වියදම් කිරීම, රාජපක්ෂ පාලන සමයේ තිබූ නාස්තිකාර දේශපාලන සංස්කෘතිය පැහැදිලිව පෙන්වන අවස්ථාවක් නොවේද යනුවෙන් පූර්වකයා සාගර කාරියවසම් මහතාගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ, මෙම අලුත්වැඩියා කටයුතු සිදු කර ඇත්තේ ඇස්තමේන්තු කර, රජයේ ක්‍රියාවලියක් තුළ ටෙන්ඩර් කැඳවාගෙන නිලධාරීන් විසින් මිස, මහින්ද රාජපක්ෂ මහතාගේ සෘජු තීරණය මත නොවන බවයි.
කෙසේවෙතත් විජේරාම නිල නිවස රුපියල් කෝටි 51 ක් පමණ වියදම් කර අලුත්වැඩියා කළ බවට පෙන්වාදුන් සාගර කාරියවසම් මහතා, එම මුදල් මහින්ද රාජපක්ෂ මහතා ‘ගෙදර අරන් ගියේ නැහැ’ යනුවෙන් එහිදී අවධාරණය කළා.
එම අලුත්වැඩියා කළ විජේරාම නිල නිවස අදවන විට රජය සතු වී ඇති බව සාගර කාරියවසම් මහතා පෙන්වාදෙනවා.

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි