2009 වසරේදී කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේදී ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකු බියගන්වා සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මේ වන විට මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන සම්පත් මනම්පේරි නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල විසින් මෙම නියෝගය නිකුත් කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සම්පත් මනම්පේරි වෙනුවෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන බවයි.
ඒ අනුව අදාළ විත්තිකරු පිළිබඳව මීළඟ දිනයේ වාර්තාවක් සපයන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.
මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන නෙරංජන් පෙරේරා නැමැත්තාද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
මෙම විත්තිකරු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව මාතර මහේස්ත්‍රතාත් අධිකරණය විසින් බන්ධනාගාරගත කර සිටින බව නීතිඥවරයා දන්වා සිටියා.
2009 වසරේ අගෝස්තු මස 12 වනදා නාරහේන්පිට මංසන්ධිය ආසන්නයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නැඟෙනහිර පළාතේ සිට කොළඹට සහල් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු වන සෙල්වදොරෙයි කොලවෙන්නාදන් නමැත්තා බිය ගන්වා සහල් ලොරියක් හා ඔහු සන්තකයේ තිබුණු මුදල් හා ජංගම දුරකථනය කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබෙනවා.
විත්තිකරුවන් විසින් කොල්ලකා තිබෙන සහල්වල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බවත් නඩු විභාගයේදී සඳහන් වුණා.

කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
කුමාර ජයකොඩිට මැතිසබේ පසුපස අසුනක්
පළාත් පහකට මි.මී 75 ඉක්ම වූ තද වැස්සක්
74 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුව තල්ලු කර මහමගදී මුදල් කොල්ලකෑ මත්ලෝලියා කොටුවෙයි
පොලිස් සේවයට එක්වීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබීමක්! ඇමෙරිකානු මැරීන් භටයින් ඇතුළු වෙයි!
අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි
කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ථ වෙයි
බොරතෙල් මිල යළිත් ඉහළට
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ අමන සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි