2012 වසරේදී ඝාතනයට ලක්වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් පැමිණි වාහනය ආසන්නයේ මිද්දෙණියේ “කජ්ජා” නොහොත් අරුණ විදානගමගේ සිටි බවට ඔහුගේ බිරිඳ විසින් සිදු කරන ලද හඳුනාගැනීම සම්බන්ධයෙන්, කජ්ජාගේ ඥාති සහ හිතමිත්‍රාදීන් ඇතුළු පිරිසකගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කළේය.
අවශ්‍යතාවක් මතු වුවහොත්, කජ්ජාගේ පුත්‍රයාගෙන් ද නැවත ප්‍රකාශයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ, අරුණ විදානගමගේගේ පුත් ඉඳුවර විදානගමගේ විසින් මීට පෙර මාධ්‍ය වෙත අනාවරණය කළ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙනි.
2012 වසරේ තාජුඩීන් ඝාතනයට සිය පියා සම්බන්ධ බවට මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කළ නමුත්, එය අසත්‍ය ප්‍රකාශයක් බවට පුතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, කජ්ජාගේ බිරිඳගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් තවදුරටත් සාක්ෂි රැස්කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එනලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි