Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

4 weeks ago

දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය මෙසේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ඇත.

කෙසේවෙතත් එම කාන්තාව පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි 8ක් ලැබී තිබුණි. 

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් ඇයගේ නිවස වෙත ගියද, ඇය ඔවුන්ව මගහරිමින් සිට තිබේ.

අදාළ කාන්තාව ඊයේ (06) ගම්පහ ප්‍රදේශයේ ආයතනයක් තුළ ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණක් පවත්වන බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය නිලධාරීන් විසින් වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් අයකිරීම යන චෝදනාව යටතේ මෙසේ ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය මීට පෙරද විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඉන් ඇප ලබා සිටින තැනැත්තියක් බවට ද හෙළි වී ඇත.

එසේම වෙනත් පොලිස් ස්ථානවලද ඇයට එරෙහිව විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි පවතින බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *