Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපිරීමක්! 7ක් මරුට!

4 months ago

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයින් 7  දෙනෙකු මියගොස් තවත් 27ක් තුවාල ලැබූ බවය.

අනතුරින් සිදු වූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එම වාර්තාවන්හි දැක්වේ.

මියගිය අය අතර පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ද සිටින බව සඳහන්.

පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු  කාෂ්මීරයේ පදිංචිකරුවන් වූ වෛද්‍යවරුන්ය.

ඔවුන් සම්බන්ධ විමර්ශන සිදුකර ඇත්තේ මෙම නව්ගම් පොලිස් ස්ථානය යටතේය.

එහිදී ඔවුන්ට දැවැන්ත පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමටද හැකි වූ අතර, එම තොගය පරීක්ෂාකිරීමට යාමේදී මෙලෙස පුපුරාගොස් ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *