අද රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් පහල දමා තිබෙනවා.
එසේ ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් අඩු කර ඇති බව සඳහන්.
මේ අනුව පෙට්‍රල් 92 ලීටරයක් නව මිල රුපියල් 370ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415ක් වනු ඇති.
කෙසේ වෙතත් අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙස ම පවතින බව යි වාර්තා වන්නේ.