අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.
අද සිට මෙම මිල පහළ දැමීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි එම ආයතනය නිවේදනය කළේ.
සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490කි.
පාන්පිටි කිලෝ එකක මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 320කි.
හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1450කි.
කඩල පරිප්පු කිලෝ එකක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 285කි.
සුදු සීනි කිලෝ එකක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 260කි.
ආනයනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 169කි.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු