අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.
අද සිට මෙම මිල පහළ දැමීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි එම ආයතනය නිවේදනය කළේ.
සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490කි.
පාන්පිටි කිලෝ එකක මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 320කි.
හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1450කි.
කඩල පරිප්පු කිලෝ එකක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 285කි.
සුදු සීනි කිලෝ එකක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 260කි.
ආනයනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 169කි.