පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(20) සමත් විය.
පළමු වටයේ දී A කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමත් සමග සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.
පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනෙන් තරග දෙකක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගත්තා. ශ්‍රී ලංකාවට හිමිව ඇති දල ලකුණු ලබා ගැනීමේ වේගය +0.667 ක්.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය තරග 3 කදී තරග 2ක් ජය ගත් නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔවුන් ද සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයේදී දෙවන කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.
ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ 1 වන කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිත අතර ශ්‍රී ලංකා පිළ එම කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය සමඟ තරඟ වැදීමට නියමිතයි.
සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ පැවැත්වෙන කාලසටහන පහතින්.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට