ලබන වසරේ ශ්‍රී ලංකිකයන්ගේ වැටුප වර්ධන වේගය සෘණ සියයට 20.5 ක් බව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.රටවල් 68ක් ආශ්‍රිතව ලබන වසරේ එම රටවල වැසියන්ගේ වැටුප වැඩි වීම සම්බන්ධයෙන් ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර ඇත.
කෙටි කාලීන, දිගු කාලීන හෝ ස්ථිර පදනම මත ලෝකයේ විවිධ රටවල සේවය කරන ජාත්‍යන්තර සේවකයින් සඳහා වන්දි සහ ප්‍රතිලාභ කළමනාකරණය කිරීම සඳහා ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම බහු ජාතික සමාගම්වලට දත්ත, මෘදුකාංග සේවා, උපදේශන සහ පුහුණුව සපයයි.
ශ්‍රී ලංකාවට මෙම සමීක්ෂණයේදී 67 වෙනි ස්ථානය හිමිව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ වැටුප් වර්ධනය සෘණ 20.5 ක් ලෙස සටහන් වී තිබේ. අවසාන ස්ථානයේ සිටින ආර්ජන්ටිනාවේ වැටුප වර්ධනය සෘණ 26.1 ලෙස සටහන් වේ.
ලබන වසරේ වැටුප් වැඩිවීම අතින් ප්‍රථම ස්ථානය ඉන්දියාව හිමි කරගෙන සිටින අතර ඉන්දියානු ජාතිකයන්ට ලබන වසරේ සියයට 4.6 ක වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. එහි දෙවන ස්ථානය වියට්නාමයටත් තුන්වෙනි ස්ථානය චීනයටත් හිමිව තිබේ.
රටවල් සහ නගර 68 ක බහුජාතික සමාගම් 360 කින් ලබා ගත් දත්ත ආශ්‍රිතව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි
දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
ශෂීන්ද්‍ර ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් කරයි