Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලබන වසරේ ශ්‍රී ලාංකිකයින්ගේ වැටුප් වර්ධනය වන ආකාරය සම්බන්ධයෙන් පුරෝකතනයක්

2 years ago 4.7 K

ලබන වසරේ ශ්‍රී ලංකිකයන්ගේ වැටුප වර්ධන වේගය සෘණ සියයට 20.5 ක් බව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.රටවල් 68ක් ආශ්‍රිතව ලබන වසරේ එම රටවල වැසියන්ගේ වැටුප වැඩි වීම සම්බන්ධයෙන් ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර ඇත.

කෙටි කාලීන, දිගු කාලීන හෝ ස්ථිර පදනම මත ලෝකයේ විවිධ රටවල සේවය කරන ජාත්‍යන්තර සේවකයින් සඳහා වන්දි සහ ප්‍රතිලාභ කළමනාකරණය කිරීම සඳහා ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම බහු ජාතික සමාගම්වලට දත්ත, මෘදුකාංග සේවා, උපදේශන සහ පුහුණුව සපයයි.

ශ්‍රී ලංකාවට මෙම සමීක්ෂණයේදී 67 වෙනි ස්ථානය හිමිව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ වැටුප් වර්ධනය සෘණ 20.5 ක් ලෙස සටහන් වී තිබේ.  අවසාන ස්ථානයේ සිටින ආර්ජන්ටිනාවේ වැටුප වර්ධනය සෘණ 26.1 ලෙස සටහන් වේ.

ලබන වසරේ වැටුප් වැඩිවීම අතින් ප්‍රථම ස්ථානය ඉන්දියාව හිමි කරගෙන සිටින අතර ඉන්දියානු ජාතිකයන්ට ලබන වසරේ සියයට 4.6 ක වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. එහි දෙවන ස්ථානය වියට්නාමයටත් තුන්වෙනි ස්ථානය චීනයටත් හිමිව තිබේ.

රටවල් සහ නගර 68 ක බහුජාතික සමාගම් 360 කින් ලබා ගත් දත්ත ආශ්‍රිතව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *