විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2026 වර්ෂය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 310,000ක් විදේශ රැකියා සඳහා පිටත් කිරීමේ ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර තිබේ. මෙම වසරේ ජනවාරි මාසය තුළ පමණක් ශ්‍රමිකයින් 20,484 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය සඳහන් කරයි.
මෙම රැකියා ඉලක්කයන් අතර වැඩිම ඉල්ලුමක් පවතින්නේ මැදපෙරදිග කලාපයට වන අතර, කුවේට් රාජ්‍යයට 77,500ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 63,500ක්, කටාර් රාජ්‍යයට 44,000ක් සහ සෞදි අරාබියට 31,000ක් වශයෙන් ශ්‍රමිකයින් යොමු කිරීමට අපේක්ෂිතය. මීට අමතරව තවත් රටවල් 17ක් සඳහා වන රැකියා ඉල්ලීම් ද මීට ඇතුළත් කර ඇත.
රජයන් අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් මත පදනම් වූ රැකියා වැඩසටහන් යටතේ 2026 වසරේදී ඊශ්‍රායලයට 15,000ක්, ජපානයට 12,500ක් සහ දකුණු කොරියාවට 6,000ක් පිටත් කිරීමට කටයුතු යොදා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් ශක්තිමත් කිරීමට විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය 2025 වර්ෂය ද ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ සාර්ථක වසරක් වූ අතර, එහිදී 300,000ක ඉලක්කය ඉක්මවා යමින් ශ්‍රමිකයින් 311,207 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 8,000කට අධික විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබුණු බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් වාර්තා කරයි.

මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එනලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි