සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබේ.
ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටින්නෙකි.
මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අතර, ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක්, ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් අද අලුයම 04.27ට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.
එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

අද දහවල් 12.13ට ප්‍රදේශ කිහිපයක කාලගුණයේ සිදුවන වෙනස
හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්
GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි
මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි
ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්
ගම්මන්පිලගේ උත්සවයට ගිය සජිත් ගැන මුජිබර් කට අරියි
කොළඹ ජල කප්පාදුව හෙට සිට අඩු කෙරේ
බඩ් වාහන 20ක් සමඟ තුනක් අල්ලයි
පොහොර නැවක් හෙට දිවයිනට