Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්

5 hours ago

මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට සහ ඉහළ යන මිල ගණන්වලට කඩිනම් පිළියමක් ලෙස ‘GR 11’ සහල් වර්ගය ආනයනය කිරීම සඳහා වන විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනයට අනුව, ඕනෑම සහල් ආනයනකරුවෙකුට අද (03) සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ මෙම සහල් වර්ගය මෙරටට ගෙන්වීමට අවසර හිමි වේ.

එලෙස ආනයනය කරනු ලබන සහල් තොග මැයි මස 31 වනදා හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කරගත යුතු බවට ද රජය කොන්දේසි පනවා ඇත.

සහල් ඒකාධිකාරයක් ඇතිවීම වැළැක්වීම සඳහා එක් ආනයනකරුවෙකුට මෙරටට ගෙන්විය හැකි උපරිම සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1040 කට සීමා කර තිබේ.

GR 11 සහල් වර්ගය රැගත් පළමු නෞකාව ලබන සතියේදී මෙරටට ළඟා වීමට නියමිත බව සහල් ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *