Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරානයෙන් වාර්තාවක්

1 day ago

ඉරානය තුළ දැනට ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය, ලොව මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික මට්ටමේ (Nation-scale) අන්තර්ජාල ඇණහිටීම ලෙස ඉතිහාසයට එක්ව ඇති බව ‘NetBlocks’ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.

අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම අන්තර්ජාල බිඳවැටීම ලොව වෙනත් කිසිදු රටක සිදු වූ මෙවැනිම ආකාරයේ ජාතික මට්ටමේ සිදුවීම් සියල්ල අභිබවා ගොස් තිබේ. මීට පෙර කිසිදු රාජ්‍යයක් මෙතරම් දීර්ඝ කාලයක් අඛණ්ඩව මුළු රටම ආවරණය වන පරිදි අන්තර්ජාලය විසන්ධි කර නොමැති බව NetBlocks ආයතනය පෙන්වා දෙයි.

නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම අන්තර්ජාල විසන්ධිය මේ වන විට පැය 864ක්, එනම් අඛණ්ඩව 37 වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉරාන බලධාරීන් විසින් පනවා ඇති මෙම තහංචිය හේතුවෙන් එරට ජනතාවගේ දෛනික ජීවිතයට සහ ව්‍යාපාරික කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *