Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරි සති කිහිපයේ වැස්ස ගැන කාලගුණයෙන් කළ අලුත්ම පුරෝකථනය

8 hours ago

මැයි මාසය හෝ ජුනි මාසය වනවිට සුපුරුදු වර්ෂාපතනය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට අද (06) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා,

”නිරිත දිග මෝසමේ දී දැනට තියෙනවාට වඩා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන්න පුලුවන්… ඒ කියන්නේ 30%ට වඩා අඩුවෙන්න පුලුවන්.. හැබැයි මැයි කියන්නේ එල්ලිනෝ එකේ ආරම්භයක් පමණයි.. මැයි මාසේ සහ ජූනි මාසය වෙනකොට සුපුරුදු වර්ෂාව එයි කියන විශ්වාසය තියෙනවා”

මේ අතර අප්‍රෙල් 15වැනිදා දක්වා සූර්යා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *