Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත් ප්‍රේමදාසට ඉම්රාන් මහරූෆ්ගෙන් අප්‍රසාදය

11 hours ago

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ පොත එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීම පිළිබඳව සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, තම පක්ෂ නායකයා මෙම අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවයි. දේශපාලනික වශයෙන් ප්‍රතිවිරුද්ධ මත දරන සහ ඇතැම් මතභේදාත්මක ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ගේ උත්සව සඳහා පක්ෂ නායකත්වයේ සහභාගීත්වය මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සෘජුවම පීඩාවට පත් වූ ප්‍රජාව නියෝජනය කරන මහජන නියෝජිතයෙකු ලෙස, සිය ආධාරකරුවන් සහ පොදු මහජනතාව විපක්ෂ නායකවරයාගේ මෙම ක්‍රියාව කිසිසේත්ම පිළි නොගන්නා බව ද ඔහු අවධාරණය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *