Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරානය සහ ඇමරිකාව අතර සාම ගිවිසුමක්?

8 hours ago

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දරුණු යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් සකස් කළ දින 45ක සටන් විරාම යෝජනාවලියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

පාකිස්තානයේ මැදිහත්වීමෙන් සකස් කරන ලද මෙම සටන් විරාම යෝජනාවලිය “ඉස්ලාමාබාද් සම්මුතිය” (Islamabad Accord) ලෙස නම් කර ඇත.

මෙම යෝජනාවලියට අනුව අද (06) දිනයේ සිටම සටන් විරාමය ආරම්භ වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම සාම සැලසුමේ මූලික අරමුණ වන්නේ කඩිනම් සටන් විරාමයක් ඇති කර ගැනීම සහ දැනට වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමයි.

ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගමන් කරන මෙම මුහුදු මාර්ගය විවෘත වීම හරහා ලෝක බලශක්ති වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉරානය සහ අමෙරිකාව දින 45ක සටන් විරාමයකට එළැඹීමට සූදානම් වන බවට ප්‍රථමයෙන් වාර්තා කරන ලද්දේ අමෙරිකාවේ ‘ඇක්සියෝස්’ (Axios) පුවත් අඩවියයි. ඉන් අනතුරුව රොයිටර්ස් පුවත් සේවය ද ස්වාධීන මූලාශ්‍ර හරහා මෙම තොරතුරු තහවුරු කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *