Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරතෙල් මිල පාලනයට ගත් තීරණය

13 hours ago

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ‘OPEC+’ සංවිධානය එළැඹෙන මැයි මාසයේ සිට තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ඊයේ (05) සිය එකඟතාව පළ කර තිබේ.

OPEC සාමාජික සහ සාමාජික නොවන තෙල් අපනයනය කරන රටවල් 10කින් සැදුම්ලත් මෙම සංවිධානයේ රටවල් 8ක් නිෂ්පාදනය වැඩි කිරීමට එකඟ වී ඇත. ඒ අනුව සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය යන රටවල් මෙලෙස නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවනු ඇත.

මෙම තීරණයට අනුව දිනක තෙල් නිෂ්පාදනය බැරල් 206,000 කින් වැඩි කිරීමට නියමිතය. OPEC+ සන්ධානය පෙන්වා දෙන්නේ මෙම ඒකාබද්ධ නිෂ්පාදනය ඉහළ දැමීමත් සමඟ සමස්ත දිනක නිෂ්පාදන ධාරිතාව බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

නිෂ්පාදනය වැඩි කිරීමට තීරණය කළ ද, විවිධ ගුවන් ප්‍රහාර හේතුවෙන් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි සංවිධානය පවසයි. ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ගවලට එල්ල වන බාධා සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හරහා සැපයුම් දාමයට බාධා පැමිණියහොත් වෙළෙඳපොළ අස්ථාවරත්වය තවදුරටත් වැඩි විය හැකි බවට ද OPEC+ සන්ධානය අනතුරු අඟවා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *