Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්

12 hours ago

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් ගත් කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (06) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කළ බවය.

දොඩංගොඩ සහ වැලිපැන්න අතර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

අනතුරත් සමග මාතර දිසාවට ධාවනය වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *