Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බදාදා නිවාඩුව ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්

16 hours ago

අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ “ඉල් මහ විරු සැමරුම, සඳහා ඊයේ (05) මාතර පැවැති ජන හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මැදපෙරදිග යුද්ධය ආරම්භවීමත් සමග ඇතිවූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වනවිට කලමනාකරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එබැවින්, නිවාඩු දිනයක් කළ බදාදා දිනය අවශ්‍ය පදිරි ඉදිරියේදී යළිත් වැඩකරන දිනයක් බවට පත් කිරීමට කටයුතු කළ හැකි බවත්  QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය ද ඉවත් කරමින් සාමාන්‍ය පරිදි වැඩකටයුතු කිරීමට හැකි බව ඒ මහතා පවසයි.

“දැනටමත් අපි අලුත් ක්‍රමවේද හඳුන්වලා දුන්නා. මුල් සතිය දෙකේ යම් අමාරුකම් තිබුණා ඒක ඇත්ත. පොලින් ආවා. QR හඳුන්වලා දුන්නා, ඔත්තේ ඉරට්ටේ කළා. බදාදා දිනය නිවාඩු දිනයක් කළා. යම් යම් ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා. දැන් අපි පොලින් නැති කළා. දැන් QRඑක හොඳට යනවා. ඔත්තේ ඉරට්ටේ හොඳට යනවා. තව ටික දවසක් යද්දි ඒක එපා නම් අපි ඒක අයින් කරමු. අපි ලැස්ති ඒකට. බදාදා නිවාඩු දිනයත් දිගටම තියා ගන්න ඕනේ නෑ. කළමනාකරණය කරාට පස්සේ අවශ්‍ය මොහොතේ දී වැඩ පටන්ගමු. ඒ වෙලාවේ ඇති වු තත්ත්වයට මුහුණ දෙන්න අපි ඒක කළා. එනවා කිව්ව නැව් ටික එක පාර එන්න බෑ කිව්වා. සැපයුම් දුන්නේ නෑ. ඒකයි ඒ වගේ කළේ. නමුත් බය වෙන්න එපා තව නැව් 9ක් අප්‍රේල් වල එන්න නියමිතයි…”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *