මෙම වසර තුළ අධිවේගී මාර්ග කිහිපයකම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.
ඒ අනුව, මෙවසරේ නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අධිවේගී මාර්ගයේ කටයුතු ද මේ වසර අගදී ආරම්භ කෙරේ.
මීට අමතරව කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ සැලසුම් සකස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර, අනුරාධපුරය කේන්ද්‍ර කරගත් අධිවේගී මාර්ග පද්ධතියක් පිළිබඳවද අධ්‍යයනය කිරීමට යෝජනා වී ඇත.
දැනට ඉදිවෙමින් පවතින කඩවත සිට මීරිගම දක්වා අධිවේගී මාර්ග කොටසේ වැඩකටයුතු 2028 මැයි මාසය වනවිටත්, පොතුහැර සිට රඹුක්කන කොටස ලබන වසරේ (2027) අප්‍රේල් මාසය වනවිටත් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්
මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු
කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
මෙරට නිල සංචිත වත්කම් දක්වා ඉහළට
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට
විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර