හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවතින අල්ලස් නඩුවකදී විනිසුරුවරයාගෙන් අඩු දඬුවමක් ලබා දෙන බව පවසා ඔහුගේ බිරිඳගෙන් රුපියල් 750,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොළඹ මහාධිකරණ විනිසුරුවරයකුගේ සහයකයෙකු (ආරච්චි) ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (08) නියෝග කළේය.
සැකකාර සහායකයා මහාධිකරණ විනිසුරුවරයාට දුරකථන ඇමතුමක් ලබාදී නඩුවක් සම්බන්ධයෙන් කතා කරගැනීමට උසාවියෙන් පිටතදී හමුවීමට ඉල්ලා සිටීම නිසා විනිසුරුවරයා විසින්ම අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සරණ ගුණවර්ධනගේ බිරිඳ සමග පවත්වා ඇති WhatsApp සංවාද සහ වරින් වර රු. 750,000ක මුදලක් ගිණුම්ගත කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ බව කියන අත්තනගල්ල අධිකරණයේ නිලධාරියෙකු සහ ඉහත මුදලින් රුපියල් 500,000ක් ලබාගත් බව කියන කොළඹ මහාධිකරණයේ පොත් බැඳුම්කරුවෙකු සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්
මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු
කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
මෙරට නිල සංචිත වත්කම් දක්වා ඉහළට
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට
විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර