රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නැරඹීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඇගේ පෞද්ගලික වාහනයෙන්ම බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළු වීමට ඉඩ ලබාදී ඇත්තේ ඇය හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳ වීම නිසා වන්නට ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කෙසේවෙතත්, එම සිදුවීම සම්බන්ධයෙන් තමන් හරියටම කරුණු නොදන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ප්රශ්නය – අපි දැක්කා ඊයේ නාමල් රාජපක්ෂව බලන්න ශිරන්ති රාජපක්ෂ ඇයගේ වාහනයෙන් බන්ධනාගාරය ඇතුළට යනවා. එහෙම කොහොමද යන්නේ ? දැන් අනිත් සිරකරුවන්ටත් එහෙම පුළුවන්ද වාහනයෙන් ඇතුළට ගිහිල්ලා බලන්න, නැත්නම් මේක නාමල් රාජපක්ෂට විතරක් ලැබෙන විශේෂ වරප්‍රසාදයක්ද ?
“තවම අච්චු ලැබිලා නැහැ. සැකපිට අත් අඩංගුවට ගත්තු අය රැඳවුම්භාරයේ ඉන්නෙ. එවැනි අයව බැලීම සඳහා වෙච්ච බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි වෙන්න ඇත්තේ, මම හරියටම දන්නෙ නැහැ”
ප්රශ්නය – වාහනයක් ඇතුළට ගෙනියන්න තියා වාහනයක් එතන නවත්වන්නවත් දෙන්නෙ නැහැ සාමාන්‍ය පුද්ගලයෙකුට ?
“හිටපු ජනාධිපති කෙනෙක්ගේ භාර්යාව නිසා වෙන්න ඇති දෙන්න ඇත්තේ. හොයලා බලලා කියන්නම්”
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්
මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු
කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
මෙරට නිල සංචිත වත්කම් දක්වා ඉහළට
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට
විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර