වෙළෙඳ අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 28 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද (14) නියෝග කළා.
වෙනත් නඩුවක් සඳහා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් සාකීර් යන විත්තිකරු අසනීප වි බන්ධනාගාර රෝහලේ සිටින බැවින් අද (14) දින මෙම සිද්ධියට අදාලව විවෘත අධිකරණයේ පෙනී නොසිටින බවයි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ.
ඒ අනුව සිද්ධියට අදාල සාක්ෂි විභාගය අද (14) දින අධිකරණයේ සිදු නොවුනු අතර වැඩිදුර සාක්ෂි විභාගයට ඉදිරි දිනයක් නියම කෙරුණා.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජෝන්ස්ටන් ප්රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්රනාන්දු සහ එහි ක්රියාකාරී අධ්යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙනවා.
හිටපු ඇමති ජෝන්ස්ටන් ප්රනාන්දු ඇතුලු විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණයේ අද (14) පෙනී සිටියා.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ලබාගත් වැටප් අධිකරණයේ දී හෙළිවෙයි
අද තද වැසි