පසුගිය 17 වන දින පෙරවරු 11.43ට දිවයිනටම විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බලශක්ති අමාත්යාංශය මගින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම මෙම හදිසි විදුලි බිඳවැටීමට සෘජුවම බලපා ඇති බවයි.
විදුලි පද්ධතියේ පාලනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංඛ්යාතය (Frequency) මත බව පෙන්වා දුන් ඒ මහතා, සාමාන්යයෙන් පද්ධතිය 50.5 සහ 49.5 අතර සංඛ්යාත පරාසයක් තුළ මෙහෙයවන නමුත්, අදාළ අවස්ථාවේදී ඇති වූ හදිසි තත්ත්වය නිසා ඉතා කෙටි කාලයකින් සංඛ්යාතය බිඳවැටී සමස්ත ලංකා විදුලි පද්ධතියම කඩා වැටුණු බව වැඩිදුරටත් පැහැදිලි කළේය.

පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී ශ්රී ලාංකික කතකට දරු ප්රසූතියක්
නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ලංකා IOC සමාගමේ ලාභයේ දැවැන්ත පහත වැටීමක්
පූජ්ය උලපනේ සුමංගල හිමිගෙන් CCDයට පැය 4ක ප්රකාශයක්
මෙරටට දර්ශනය වන අලංකාර උල්කාපාත වර්ෂාව
කොළඹ වරායේ ඩොලර් මි.392ක ව්යාපෘතියෙන් චීනය ඉවත් වෙයි
අකුරණ අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි! වාහන 8කට හානි!
අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමුවෙයි
ශ්රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ නියමු ව්යාපෘතියක් ඇරඹේ
ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක්