කුවේට් හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුලදී ශ්රී ලංකික කාන්තාවක් දරුවෙකු ප්රසූත කර තිබේ.
අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයේ මෙම දරු ප්රසූතිය සිදුව ඇති බව සඳහන්ය.
දරු ප්රසූතිය සිදුකර ඇත්තේ කුවේට් රාජ්යයේ ගෘහ සේවය සදහා ගොස් යළි මෙරටට පැමිණෙමින් සිටි ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් බවයි අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසීය.
දරු ප්රසූතියට ආසන්න කාන්තාවන් ගුවන් ගමන් සඳහා සහභාගී කර නොගන්නා අතර මෙම කාන්තාව සිය ගර්භණී භාවය ගුවන් සේවා නිලධාරීවරුන් හට සඟවා ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් ගුවන් සේවිකාවන්ගේ සහායෙන් ගුවන් යානය තුළ දී ඇය දරු ප්රසූතිය සිදුකර ඇති අතර ගුවන් නියමුවා විසින් මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කර තිබේ.
ඒ අනුව ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු බිළිඳා සහ මව මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ලංකාවටම විදුලිය ඇනහිටි හේතුව හෙලිවෙයි
නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ලංකා IOC සමාගමේ ලාභයේ දැවැන්ත පහත වැටීමක්
පූජ්ය උලපනේ සුමංගල හිමිගෙන් CCDයට පැය 4ක ප්රකාශයක්
මෙරටට දර්ශනය වන අලංකාර උල්කාපාත වර්ෂාව
කොළඹ වරායේ ඩොලර් මි.392ක ව්යාපෘතියෙන් චීනය ඉවත් වෙයි
අකුරණ අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි! වාහන 8කට හානි!
අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමුවෙයි
ශ්රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ නියමු ව්යාපෘතියක් ඇරඹේ
ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක්