ශ්රීලන්කන් ගුවන් සේවයේ නාමය භාවිත කරමින් සිදුකරන වංචනික ක්රියාකාරකම්වලට හසු නොවන ලෙස එම ගුවන් සේවය මහජනතාවට දැනුම් දී තිබේ.
ගුවන් සේවයේ නාමයෙන් පෙනී සිටින ව්යාජ ජංගම යෙදුම් සහ සමාජ මාධ්ය ගිණුම් හරහා සිදුවිය හැකි මූල්ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම ගුවන් සේවය ඉල්ලා සිටී.
විශේෂයෙන්ම, WhatsApp ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ පළ කෙරෙන සැකසහිත දැන්වීම් සහ පණිවිඩවල සඳහන් සබැඳි හරහා ගෙවීම් සිදුකිරීමෙන් වළකින ලෙස එම ගුවන් සේවය අවධාරණය කරයි.
එමෙන්ම, OTP අංක, බැංකු කාඩ්පත්වල PIN අංක සහ අනෙකුත් රහස්ය තොරතුරු කිසිදු පුද්ගලයෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙස ද දැනුම් දී තිබේ.
ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල ජංගම යෙදුම බාගත කර ගැනීමේදී Apple App Store හෝ Google Play Store වැනි නිල යෙදුම් පමණක් භාවිත කරන ලෙස ද ගුවන් සේවය ජනතාවට උපදෙස් දී ඇත.
ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී හෝ වෙනත් ගනුදෙනු සිදුකිරීමේදී ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසීම හෝ නිල පාරිභෝගික සේවා මාර්ග ඔස්සේ තොරතුරු තහවුරු කර ගැනීම සුදුසු බව ද එහි දැක්වේ.
වෙබ් අඩවි සහ සමාජ මාධ්ය ගිණුම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම ගුවන් සේවය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ නියමු ව්යාපෘතියක් ඇරඹේ
ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක්
අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ
තත්ත්පර 30කින් මුළු රටම අඳුරට වැටීමට හේතුවූ හදිසි බිඳවැටීම ගැන විමර්ශනයක්
රෝහල් ගත කළ කස්සප හිමි යළි සත්යග්රහයට
අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්
පාසල් පද්ධතියේ බරපතළ ගුරු හිඟයක් – ලංකා ගුරු සංගමය
නව ගුරු පත්වීම් 30,000ක්