ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන, ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අද (17) මේ බව නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මහේල ජයවර්ධන පසුගිය වසර දෙකක කාලය තුළ එම කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
මෙය ඔහු එම තනතුරෙන් ඉවත් වූ දෙවැනි අවස්ථාව වන අතර, මීට පෙර 2017 සිට 2022 දක්වා ද ඔහු එම ධුරය හෙබවූවා.
ඔහුගේ පළමු ධුර කාලය තුළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම IPL ශූරතා තුනක් දිනා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත්, දෙවැනි ධුර කාලය තුළදී 2025 වසරේ තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත්වූ මුම්බායි කණ්ඩායම, 2026 වසරේදී නවවැනි ස්ථානයට පත්වීම විශේෂත්වයක්.
ධුරයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ, දශකයකට වැඩි කාලයක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම තම ක්රිකට් දිවියේ සුවිශේෂී කොටසක් වූ බවයි.
එමෙන්ම, තමන්ට වසර ගණනාවක් පුරා විශ්වාසය සහ සහයෝගය ලබාදුන් නීතා අම්බානි සහ ආකාෂ් අම්බානිට ද ඔහු සිය ස්තූතිය පළ කර තිබෙනවා.
මේ අතර, නොවැම්බර් 15 වැනිදාට නියමිත IPL ක්රීඩක රඳවා ගැනීමේ අවසන් දිනයට පෙර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට නව ප්රධාන පුහුණුකරුවෙකු පත් කර ගැනීමට සිදුවනු ඇති.

ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි