කොළඹ වරායේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන (SACLH) ව්යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට එහි කොටස්කරුවන් තීරණය කර ඇති බව චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම නිවේදනය කර තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 392ක ආයෝජනයක් වන මෙම දැවැන්ත ව්යාපෘතිය අත්හැර දැමූ බව එම සමාගම පෙන්වා දී ඇත.
මෙම අවසන් කිරීම සඳහා ශ්රී ලංකා වරාය අධිකාරිය, අවසන් කිරීමේ ගිවිසුම අත්සන් කළ දින සිට දින 30ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 21.9ක වන්දි මුදලක් ආයෝජකයන්ට එකවර ගෙවිය යුතු බව චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක් වේ.
ව්යාපෘතිය කෙරෙහි බලපෑ බාහිර සාධක, ව්යාපෘති කාලරාමුවල සිදුවූ වෙනස්කම් ඇතුළු කරුණු සලකාබැලූ විට ව්යාපෘතිය නවතාදැමීම සියලු පාර්ශ්වවලට සුබදායක වනු ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ පරිදි, ව්යාපෘතිය අත්හිටුවීමෙන් පසු ඒ වෙනුවෙන් ශ්රී ලංකා වරාය අධිකාරිය අමෙරිකානු ඩොලර් මිලියන 21.9ක මුදලක් ව්යාපෘතිය සිදුකරන SACL සමාගමට එකවර ගෙවිය යුතුය.
ඒ ව්යාපෘතිය අවසන් කිරීමේ ගිවිසුම අත්සන් කර දින තිහක් ඇතුළතදී.
චීන සමාගමේ අනුබද්ධ ආයතනය යොදවා තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 26ක මූලික ආයෝජනයෙන් නියමිත බදු සහ ප්රමාද ගාස්තු අඩුකිරීමෙන් පසු ඉතිරිවන ප්රමාණය ලෙස එම අමෙරිකානු ඩොලර් 21.9ක මුදල දැක් වේ.
මෙම ව්යාපෘතියේ සියයට 70ක කොටස් අදාළ චීන සමාගම සතුවූ අතර ඉතිරි කොටස් 15% බැගින් මෙරට ඇක්සස් ඉංජිනියරින්ග් හා ශ්රී ලංකා වරාය අධිකාරිය හිමිව තිබුණි.
ඒ අනුව වරාය අධිකාරිය විසින් ගෙවනු ලබන වන්දි මුදල මෙම කොටස්කරුවන් තිදෙනා අතර බෙදීයනු ඇති.

මෙරටට දර්ශනය වන අලංකාර උල්කාපාත වර්ෂාව
අකුරණ අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි! වාහන 8කට හානි!
අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමුවෙයි
ශ්රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ නියමු ව්යාපෘතියක් ඇරඹේ
ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක්
අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ
තත්ත්පර 30කින් මුළු රටම අඳුරට වැටීමට හේතුවූ හදිසි බිඳවැටීම ගැන විමර්ශනයක්
රෝහල් ගත කළ කස්සප හිමි යළි සත්යග්රහයට