අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ – මහනුවර ප්රධාන මාර්ගයේ අද (19) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
අනතුරින් තවත් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා අකුරණ සහ මහනුවර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
පොලීසිය පැවසුවේ, ලොරි රථයේ රියදුරුට එය පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයක සහ මාර්ගයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් වාහන අටක් පමණ හානියට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලවතුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙරටට දර්ශනය වන අලංකාර උල්කාපාත වර්ෂාව
කොළඹ වරායේ ඩොලර් මි.392ක ව්යාපෘතියෙන් චීනය ඉවත් වෙයි
අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමුවෙයි
ශ්රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ නියමු ව්යාපෘතියක් ඇරඹේ
ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක්
අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ
තත්ත්පර 30කින් මුළු රටම අඳුරට වැටීමට හේතුවූ හදිසි බිඳවැටීම ගැන විමර්ශනයක්
රෝහල් ගත කළ කස්සප හිමි යළි සත්යග්රහයට