Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී ශ්‍රී ලාංකික කතකට දරු ප්‍රසූතියක්

1 minute ago

කුවේට් හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුලදී ශ්‍රී ලංකික කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කර තිබේ.

අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත  පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයේ මෙම දරු ප්‍රසූතිය සිදුව ඇති බව සඳහන්ය.

දරු ප්‍රසූතිය සිදුකර ඇත්තේ කුවේට් රාජ්‍යයේ  ගෘහ සේවය සදහා ගොස් යළි මෙරටට පැමිණෙමින් සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් බවයි අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසීය.

දරු ප්‍රසූතියට ආසන්න කාන්තාවන් ගුවන් ගමන් සඳහා සහභාගී කර නොගන්නා අතර මෙම කාන්තාව සිය ගර්භණී භාවය ගුවන් සේවා නිලධාරීවරුන් හට සඟවා ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ගුවන් සේවිකාවන්ගේ සහායෙන් ගුවන් යානය තුළ දී ඇය දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර ගුවන් නියමුවා විසින් මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කර තිබේ.

ඒ අනුව ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු බිළිඳා සහ මව මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *