Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සංවර්ධන නිලධාරීන් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

12 minutes ago

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන නොවැම්බර් 09 වන දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසනවා.

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුම්වත් කළ ද ඒ සඳහා මෙතෙක් කිසිදු නිසි විසඳුමක් ලැබී නොමැති බව එම මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳන බවට පොරොන්දු වෙමින් වුවද, සංවර්ධන නිලධාරියෙකු සඳහා නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් හෝ උසස්වීම් ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

මීට අමතරව වසරක පුහුණු කාලය නිත්‍ය සේවයට එකතු නොකිරීම, අධි ශ්‍රේණියක් නොමැති වීම, ශ්‍රේණි අතර උසස්වීම් සඳහා වසර 10ක දීර්ඝ කාලයක් පැවතීම සහ පවතින දැවැන්ත වැටුප් විෂමතාව යන ගැටලුවලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසන ඒ මහතා, ඊට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *