අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ ශ්රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්රියාත්මක කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කළේය.
අද අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියම කළේය.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ කහවත්ත ප්රදේශයේ පැවැති ප්රචාරක රැළියකට වෙඩි ප්රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය පසුව ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් තිදෙනාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත්, නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්රේමලාල් ජයසේකර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළේය.

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි
‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ