ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අපවත්වී වදාළ පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, රාජ්ය අනුග්රහය සහිතව අද (21) පස්වරුවේ ගැටඹේ ක්රීඩාංගනයේදී පැවැත්විණි.
දශක 8ක කාලයක් මෙරට ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් නිස්සරණාධ්යාසයෙන් උදාර මෙහෙවරක් සිදුකළ උන් වහන්සේ ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා අපවත් වූහ.
ඒ වනවිට 95 හැවිරිදි වියේ පසුවූ සිරිවිමල නාහිමියන්ගේ දේහය ගැටඹේ රාජෝපවනාරාමයේ තැන්පත් කෙරුණු අතර, භික්ෂූන් වහන්සේ, දේශපාලන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් එහිදී උන්වහන්සේට අවසන් බුහුමන් පුදකළහ.
මෙම අවස්ථාවට අග්රමාත්ය ආචාර්ය හරිනි අමරසූරියඇතුළු ආණ්ඩු පක්ෂ දේශපාලන නියෝජිතයින්, හිටපු කථානායක කරූ ජයසූරිය, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්රි දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ශ්රී ලාංකික බෞද්ධ භික්ෂුවට අනන්ය ඍජු ගුණයෙන් අසූ වසක් මෙරට ශාසනාලෝක කළ කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියන්ට අමාමහ නිවන් සුව!

අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට
හිරගෙදර සිටින නාමල් යළිත් වැඩ අරඹන්න සැරසෙයි
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු! සෙසු විත්තිකරුවන් රිමාන්ඩ්!
පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල අද මධ්යම රාත්රියේ සිට ඉහළට
කාවන්තිස්ස හස්තියාගේ මරණ පරීක්ෂණයේ තොරතුරු අධිකරණයට
මොරටුව වෙඩික්කරුවන් අහසට වෙඩි තබා පැහැරගත් යතුරුපැදිය සිද්ධමුල්ලෙන් හමුවෙයි
රුපියල් 100ක අල්ලසක් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
ඥානසාර හිමියන්ට පොදු සමාව ලබා දෙන්න බැරිද? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
පොලීසියට අලුත්ම TATA YODHA PICKUP 200ක්
ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක්! කාලගුණයෙන් අනතුරු ඇඟවෙයි!
තිරිඟු පිටි මිල ඉහළට